English Alphabet & Parts of the Speech

සැ.යු : මෙම පාඩම් මාලාව හුදෙක් ඉංගීූසි දැනුම වැඩි කරනු වස් සකස් වු පාඩම් මාලාවකි.මෙය අප උගන්වන ප්‍රය‍ෝගික ක්‍රමවේදයට හාත්පසින්ම ‍වෙනස්ය.

අපි දැන් ගොඩාක් වචන දන්නවා නේ. අන්තර්ජාලයේ නිතර සැරි සරන නිසා මෙන්ම Social Network ( සමාජ ජාල වෙබ් අඩවි ) වලද ඔයාල ඉන්න නිසා දවස ගානේ වචන ඔයාලා මතක තියා ගන්න පුරුදු වෙන්න.අපි හිතනවා ඔයාලා උනන්දුවෙන් මේ වැඬේ කරයි කියලා .එතකොට ලේසියි English ඉගෙන ගන්න. ඒ වගේම මේ කාරනයත් කියන්නම ඕනේ English කැමැත්තෙන් ඉගෙන ගන්න. ඕනෙම දෙයක් කැමැත්තෙන් කරනවා නම් එපා වෙන්නේ නෑ.


මේ කතාව English Alphabet එක පිලිබදවයි.දන්නවද යාලූ‍වනේ English Alphabet එකේ කොටස් දෙකයි.

1 .Vowels

2 .Consonants

                                                  Vowels


Vowels කියන්නේ සිංහලෙන්ම කිව්වොත් හොඳට කට ඇරලා හුස්ම පිට කරමින් pronounce වෙන ශබ්දයි. මේවා ශබ්ද කරද්දී අපේ තොල් චලනය වෙන්න ඕනි.


                                                                 A E I O U




                                            consonants


consonants කියන්නේ අපේ කටින් එලියට හුස්ම පිට නොකර ශබ්ධ කල යුතු අකුරුයි. ඒ කියන්නේ තොල් දත් දිව බ්ලොක් වෙනවා වගේ ඔයාට දැනෙන්න ඕනි මේවා pronounce කරද්දී.

              B C D F G H J K L M N O P Q R S T V W X Y Z




එහෙනම් අපි දැන් බලමු මොනාද මේ English ග‍්‍රැමර් කියන්නේ කියලා. Grammar කියන්නේ සිස්ටම් එකක් වගේ දෙයක්. එකේ ඇතුලෙ ගොඩක් දේවල් තියනවා. අපි එය මෙසේ ඉගෙන ගමු .




  • සෑම නමක්ම අපි අදුරගන්නේ NOUN එකක් කියලයි .(Kamal , furniture, box, Mother)
  • Noun එකක් වෙනුවට භාවිතා කරන්න පුළුවන් වචන pronoun කියල හදුන්වන්න පුළුවන්.
  • එක වාක්‍යක subject , object possessive clause එක වෙන්න පුළුවන්.(he, she, they, none, which )
  • ADJECTIVE කියන්නේ දෙයක් විස්තර කරන වචනයක්. සිංහලෙන් අපි කියන්නේ විශේෂණ පද කියලයි. (Beautiful , tall , Long )
  • VERB කියන්නේ කරන්න කියන දෙයක් සිංහලෙන් ක‍්‍රියා පද. (Read , Write , Run)
  • අපි කරන දේවල් විස්තර වන පද ADVERBS කියලා හදුන්වන්න පුළුවන්. (fast , slowly , beautifully )
  • කිසියම් සම්බන්ධයක් පෙන්වන පද අපිට PREPOSITIONS කියලා කියන්න පුළුවන්.   ( in , at , on)
  • වාක්‍ය දෙකක් එකට සම්බන්ධ කරන්න අපිට CONJUNCTIONS භාවිතා කරන්න පුළුවන්. (and , or)
  • INTERJECTION කියන්නේ එක පාරටම වන හැගීමක් විස්තර කරන්න යොදා ගන්න වචන. ඒවා හදුනාගන්න පුළුවන් අපිට ලේසියෙන්ම මොකද ඒ වචන වල අන්තිමට "!" යෙදෙන නිසා.
හරි දැන් ඔයාලා මේ කියපුවා හොදට මතකේ තියා ගන්න. මේවා නැතුව ඉස්සරහට යන්න අමාරුයි. ඕනෙම වාක්‍යයක් දැක්කොත් ඒහි අන්තර්ගතය ඔයාලා දැනගෙන ඉන්න ඕනෙ. අපි 3 වෙනි පාඩමෙන් මීලගට හමුවෙමු.


අපේ පළමු පාඩම බලපු නැති අය මෙතනින් ගිහින් කියවන්න.

Popular Posts